2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 8:19
බ්‍රිතාන්‍ය සිටින විවිධ ආගම්වල, ආගමික නායකයන් පිළිගැනීමේ උත්සවයක් බැකිංහෑම් මාලිගයේදී ඉකුත් දා පැවැත්වුණා.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු විවිධ ආගමික නායකයෝ 30 දෙනෙක් පමණ මෙම අවස්ථාවට එක් ව සිටි බවයි වාර්තා වන්නේ.
තමා එක්සත් රාජධානියේ තුන්වන චාල්ස් රජු වශයෙන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස බ්‍රිතාන්‍යයේ ආගමික විවිධත්වය සහ විශ්වාසයන් ආරක්ෂා කිරීම සිය පෞද්ගලික රාජකාරියක් ලෙස සිතන බව තුන්වන චාල්ර්ස් රජු පවසා තිබෙනවා.
තමා සාම්ප්‍රදායික ක්‍රිස්තියානුවකු බවත් ක්‍රිස්තියානුවනගේ ආගමික විශ්වාසයන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ද තුන්වන චාර්ල්ස් රජතුමා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි වාර්තා වනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11