2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 4:40
මැලේසියාවේ නීතියට අනුව සංචාරක වීසා මගින් මැලේසියාවට ඇතුල් වූ පසුව කිසිදු අයුරකින් අදාළ වීසා රැකියා වීසා බවට මාරුකරගත නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඒ අනුව මැලේසියාව තුළ රැකියාවල නිරතවීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා ඔස්සේ විදෙස්ගතවීම නොකරන ලෙසටයි.
මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබාගන්නා බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව එම කාර්යාංශය පෙන්වා දෙනවා.
මේ අතර කිසිදු අවස්ථාවක සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගත නොවන ලෙසත් මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දන්වන ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
2026 ජනවාරි 20, පෙ.ව. 12:33
2026 ජනවාරි 20, පෙ.ව. 12:20
2026 ජනවාරි 20, පෙ.ව. 12:19
2026 ජනවාරි 20, පෙ.ව. 12:16
2026 ජනවාරි 20, පෙ.ව. 12:13