hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 25, පෙ.ව. 12:19



නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 22 වනදා පස්වරුවේ නාරහේන්පිට අභයාරාමයට පැමිණියා.

නාරහේන්පිට අභයාරාමයට පැමිණ ආගමික වතාවත් වල නිරත වු අවස්ථාවේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විශේෂ අනුශාසනාවක්ද සිදුකළා.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ අද එක් එක් පුද්ගලයාට තිබෙන ලොකුම චෝදනාව වන්නේ හොරා හොරා කියන එක බවත් නමුත් බොරළුගොඩ පරම්පරාවට හොරා කියන වචනය අසා නොමැති බවත්ය.

කාඩ් බෝඩ් බෞද්ධයන් සහ තෙම්පරාදු බෞද්ධයින් ලෙස බෞද්ධයින් වර්ග දෙකක් සිටින බව පෙන්වා දුන් උන්වහන්සේ නව අගමැතිවරයාගේ අඩුපාඩු කම් නැතැයි කිව නොහැකි බව කියා සිටියා.

එහිදී අගමැතිවරයාගේ ලොකුම අඩුපාඩුවක් සිහිකරමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ දුරකතනයට ඉක්මනින් කතා නොකිරීම ඊට හොඳම උදාහරණය බවයි.

ඇතැමුන්ට කළගුණ ඉක්මණින්ම අමතක වී යන බවද උන්වහන්සේ සඳහන් කළා.