hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 10:56



කොළඹ – කුරුණෑගල මාර්ගයේ අලව්ව, වලකුඹුර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තිරෝද රථයේ ගමන් කළ මවක හා පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ පියා හා තවත් පුතෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දිවුලපිටියේ පදිංචි අවුරුදු 42ක් වන මව හා අවුරුදු 18ක් වන පුතායි.

අනතුර සම්බන්දයෙන් ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.