hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 31, ප.ව. 7:10



මියගිය කාන්තාවකගේ දේහයක් පිටුපසින් සුසාන භූමියට යමින් සිටි කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු හත් දෙනෙකු රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු කුඩා ළමුන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු බව සදහන් වෙනවා.

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සදහා ගාලුපාර ඔස්සේ වාද්දුව දෙස සිට වස්කඩුව පොදු සුසාන භූමිට රැගෙන යමින් සිටියදී කළුතර දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුර සිදුව තිබෙනවා.

ත්‍රීරෝද රථ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුවන්නට ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය පවසනවා.

තුවාල කරුවන් පානදුර සහ කළුතර රෝහල් වලට යොමු කර තිබෙනවා.

මෘතදේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු වස්කඩුව පොදුසුසාන භූමියේ දී ප්‍රමාදවී සිදුකරන අයුරු දැකගත හැකිවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ත්‍රීරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදීගොස් ඉදිරියෙන් පැමිණි අවමංගල්‍ය රථය පිටුපස පැමිණි පිරිසෙහි ගැටී ඇතැයි පොලිසිය පැවසුවා.

ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර , පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.