hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 02, පෙ.ව. 6:46



කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ ඊයේ (01) පස්වරු 3.00ට පමණ කැස්බෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි කැස්බෑව පොලීසිය පවසනවා.

උන්වහන්සේ මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි තම විහාරස්ථානයේ සිට හොරණ කුඹුක ප්‍රදේශයේ විහාරස්ථානයක සවස 5.00 ට පමණ පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

කැස්බෑව, සුපිරි වෙළඳසැලක් ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර උන්වහන්සේ ගමන් කළ රථය තවත් මෝටර් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

උන්වහන්සේගේ තත්වය බරපතල නොමැති බව වාර්තා වනවා.

පිළියන්දල සිට කැස්බෑව ප්‍රදේශයට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් රියදුරුට සිදුවූ අත්වැරැද්දකින් අගලකඩ සිරිසුමන හිමියන් ගමන් කළ රියෙහි ගැටී ඇති අතර මෙම රථ දෙකම සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ වනවා.

රථ දෙකටම බරපතල හානි සිදුව ඇති අතර කැස්බෑව පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.