hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 21, ප.ව. 1:15



මඩොල්කැලේ හරහා පන්විල දෙසට ධාවනය වෙමින් තිබූ පන්විල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මගීන් 20 දෙනෙකු තුවාල ලබා තිබබෙනවා.

ඊයේ (20) පස්වරුවේ අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

අනතුර සිදුවන විට 28 දෙනෙකු බස් රථයේ ගමන් කර ඇති අතර එයින් කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මඩොල්කැලේ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය සඳහන් කළේ.

බස් රථයේ තිරිංග අක්‍රීයවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.