hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 21, ප.ව. 8:55



නානුඔය – රදැල්ල දුර්ග මාර්ගයේ දී ඊයේ (20) රාත්‍රියේ දී සිදු වූ මාරක අනතුරට මුහුණපෑ බස් රථය පෞද්ගලික බස් යටතේ ලියාපදිංචි කරන ලද හෝ මහා මාර්ගයක ධාවනය කරන, බලපත්‍රලාභී බස් රථයක් නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

සභාපතිවරයා විශේෂ මාධ්‍ය හමුවකට අද (21) එක්වෙමින් කියා සිටියේ, මෙම බස් රථය පෙර ධාවනය කර ඇත්තේ මාර්ග අංක 280 හා 315 බවත්, පසුව බස් රථය හිමි තැනැත්තා විදෙස්ගත වීම නිසා ඉන් අනතුරුව මාර්ගයේ ධාවනයෙන් ඉවත් කර, විශේෂ චාරිකා පමණක් ධාවනය කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ දිනවල විශාල වශයෙන් බොහෝ පාසල්වල අධ්‍යාපන චාරිකා සඳහා දරුවන් රැගෙන යාමට තම සංගමය විසින් බස් රථ යොමු කළේ, බස් රථයෙහි යෝග්‍යතා සහතිකය, බලපත්‍ර සහතිකය සහ රක්ෂණ සහතිකය ආදී ප්‍රධානතම ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පමණක් බව ද සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.