hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූනි 22, ප.ව. 4:44



ගොඩගම නගරයේ ඉන්ධන පෝලිමක සිටි තරුණයකු වෙනත් ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන ලැබී ඇතැයි බවට ලැබුණු තොරතුරකට එහි යන අවස්ථාවේ දී අනතුරක් සිදුවී තිබෙනවා.

එහිදී තරුණයා ගමන් ගත් යතුරු පැදිය එකවරම මාර්ගය ඇද වැටී ඇති අතර පසුව ගෑස් පටවාගෙන පැමිණි ලොරි රථයකට හසු වීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අවුරුදු විසිහතක් වයස මීගොඩ දාම්පෙ කුකුල වත්ත ප්‍රදේශයේ පදිංචි ලහිරු හෂාන් රණසිංහ යන අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය තරුණයාගේ සහෝදරයාද ඉන්ධන ලබා ගැනීමට පෝලිමට ගොස් තිබූ අතර ඔහු සිය කණගාටුව මෙසේ වචන වලට පෙරළුවා,

“අපිට ආරංචියක් ආවා ගොඩගම ෂෙඩ් එකේ ඉන්නකොට පහත්ගම ෂෙඩ් එකට තෙල් ආවා කියලා. මල්ලි ඉස්සරවෙලා බයිසිකලේ ගියා. මම පිටිපස්සෙන් බයිසිකලේ යනකොට මට අදහා ගන්න බැරි වුණා මල්ලි ඉස්සරහ මීපේ පාස් කරලා ටික දුරක් යනකොට එයා පාරේ වැටිලා ඉන්නවා. මම එහෙම අරන් මල්ලිව හොස්පිටල් එකට දානකොටත් එයා නැතිවෙලා. මට කියා කියා ගන්න බෑ තෙල් ටිකක් නිසා මගේ මල්ලී නැතිවෙච්ච එක. ඒ තරමට මට වේදනාවයි.”