hit counter

2026 ඔක්‍තෝබර් මස 23 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 25, ප.ව. 12:28



මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික යුවළක් මියගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරු ලෙස මැලේසියාවේ රැකියාවේ නිරත වූ යුවළකි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි සිය නිවස ආසන්නයේදී ඔවුන් පැදවූ මෝටර් රථයේ වෙනත් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ කුඩා දියණියද රථයේ සිට ඇති අතර ඇයට හානියක් සිදුව නොමැත.

මියගොස් ඇති කාන්තාව 33 හැවිරිදි වියේ පසුවූ අතර ඇයගේ සැමියා 35 හැවිරිදි වියේ පසු වුණා.

ඔවුන්ගේ දේහයන් මෙරටට ගෙන්වීමට නියමිතව ඇත.