hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 15, ප.ව. 4:00



කිලිනොච්චිය පලෙයි පොලිස් වසමට අයත් මුහමාලෙයි ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත් කෙරෙන රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පෞද්ගලික බස්රථයක ටිපර් රථයක් ගැටීමෙන් අද (15) දහවල් සිදු වූ බරපතල රිය අනතුරකින් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

කිලිනොච්චියේ සිට මුහමාලෙයි ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් වෙනත් මාර්ගයකට හැරවීමට ගත් උත්සහයකදී පසුපසින් අධික වේගයකින් පැමිණි වැලි පැටවූ ටිපර් රථයක් බස්රථයේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි අනාවරණය වී තිබෙනවා.

එහිදී බස් රථය පෙරලී ගොස් එහි ගමන්ගත් සේවකයින් මෙලෙස තුවාල ලබා ඇති අතර අදාල සේවකයින් යුදසමයේදී මුහමාලෙයි ප්‍රදේශයේ වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුත්තෙහි නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධානයක් වන හෙලෝ ට්‍රස්ට් නැමති සංවිධානයට අයත් සේවකයින් බවට හඳුනාගෙන තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් 47 දෙනෙකු පලෙයි මූලික රෝහලට රැගෙන යාමෙන් පසුව බරපතල තත්වයේ සිටි 15 දෙනෙකු කිලිනොච්චිය මහරෝහලටත් තවත් 10 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලටත් රැගෙන ගිය බවට පොලීසිය පැවසුවා.

අනතුරින් ඉස්රථයටත් ටිපර් රථයටත් බරපතල හානි සිදුව ඇති අතර අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව ලෙස සැකපල කරන අතරම පලෙයි පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

වන්නි – රොමේෂ් මධුෂංඛ