hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 6:44



සියයට 60-70 අතර විදුලි ගාස්තු ඉහළ නැංවීමක් නැවත වරක් සිදුකළ හොත් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇති වන බව ඇඟලුම් කර්මාන්තකරුවෝ ප්‍රකාශ කර සිටිනවා.

මහජන උපයෝගිතා කොමිසම සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුහු එලෙස ප්‍රකාශ කළා.

විදුලි ගාස්තු ඉහළ නැංවීමක් නැවත වරක් සිදුකළ හොත් එය ඇඟලුම් කර්මාන්තයට කිසිසේත් මම දැරීමට නොහැකි වනු ඇති බව ද ඔවුහු පැවසූවා.

ව්‍යාපාර කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ තරගකාරී පරිසරයක් තිබිය යුතු බව ද අවසාන වරට කළ විදුලි සංශෝධනයත් සමග ඩොලර් අගය මත ගතහොත් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන වියදම අධික වන බව ද ඒ පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් පැවසුවා.

විදුලි ගාස්තු නැවත වරක් ඉහළ නැංවීමක් සිදුවෙනවා නම් මේ වන විට පවතින වෙළෙඳපොළ තත්ත්ව මත එය ඇඟලුම් කර්මාන්තයට දරා ගැනීමට නොහැකි බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.