hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 9:56



කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් රක්ෂණ භාර අරමුදල සමඟ ඇති කරගෙන තිබු ප්‍රතිරක්ෂණ ගිවිසුම අහෝසි කිරීම නිසා රුපියල් මිලියන 163.6ක පාඩුවක් කෘෂි රක්ෂණ මණ්ඩලයට සිදුවී ඇතැයි වාර්තා වනවා.

ජාතික විගණන කාර්යාලය මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්දයෙන් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මේ බව සදහන්.

රක්ෂණභාර අරමුදල සමඟ ඇති කරගෙන තිබු ප්‍රතිරක්ෂණ ගිවිසුම අනුව 2019 වර්ෂයේ යල කන්නයේදි එක් ගොවියෙකු සඳහා වාර්තාගත විය හැකි මුළු වන්දි වටිනාකමින් මුල් රුපියල් 10,000ක මුදල ගෙවීම සඳහා රුපියල් මිලියන 312 ක හිඟ මුදලක් ලබාගත යුතුව තිබුණි.

එහෙත් කෘෂිරක්ෂණ මණ්ඩලය මගින් එකී හිඟ මුදල ලබාගැනීම වෙනුවට 2020 වර්ෂයේ දී ගිවිසුම අහෝසි කර රුපියල් මිලියන 148.3ක මුදලක් ලබා ගැනීම නිසා කෘෂිරක්ෂණ මණ්ඩලයට රුපියල් මිලියන 163.6ක අලාභයක් වී ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ප්‍රතිරක්ෂණ ආවරණය ක්‍රියාත්මක නොවු නිසා මෙකී මුදල ලැබිය යුතු මුදලක් ලෙස ගණන් බලා තිබු අතර මෙම මුදල කෘෂිරක්ෂණ මණ්ඩලය වෙත ලැබී නොමැති බවද කෘෂිරක්ෂණ මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ලලිත් චාමින්ද