hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 08, පෙ.ව. 9:56



එළවළු බිජ සදහා ඇති ඉල්ලුම වැඩිවිමත් සමග මේ වනවිට එළවළු බිජ ඇටවල හිගයක් ඇතිවි තිබෙන බව ගොවින් පෙන්වා දෙනවා. 

ඉදිරියේ දි ඇතිවිය හැකි ආහාර අර්බුදයත් සමග ජනතාව වැඩි වශයෙන් ගෙවතු වගාව සදහා යොමු වී ඇති අතර මේ සමග එළවළු බිජ ඇට සදහා ඇති ඉල්ලුම වැඩිවී තිබෙනවා.

ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම දෙපාර්මේන්තුව සතු රජයේ ගොවිපොළවල් සහ පුද්ගලික කෘෂි අලෙවිසැල්වල මේ වනවටි එළවළු බිජවල හිගයක් පවතින බවයි ගොවීන් පවසන්නේ.

මෙම තත්වය නිසා එළවළු බිජ ඇට මිලදි ගැනිම සදහා පැමිණෙන ගොවීන්ට හිස් අතින් යාමට සිදුවි ඇති අතර එළවළු බිජ ඇටවල මිල ගණන් දෙතුන් ගුණයකින් වැඩිවී ඇති බවටද ගොවීන් චෝදනා කරනවා.

මේ පිළිබද දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ඩි ගුණවර්ධන මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසුමකදි මෙසේ අදහස් පළ කළා.

“පේරාදෙණිය ගන්නොරුවෙන් තමයි එළවළු බිජ ඇට ගෙන්වා ගන්නේ. බටඅත, තෙලිජ්ජවිල යන අපේ ප්‍රාදේශිය මධ්‍යස්ථාන මගින් එළවළු බිජ ඇට ඇනවුම් කරලා තියෙනවා. නමුත් ගන්නෝරුවේ නිෂ්පාදනය කරපු බිජ අවසන්වෙලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ගෙවතු වගා ලක්ෂයක් සදහා ගන්නෝරුවෙන් එළවළු බිජ ඇට මිලදි ගෙන බෙදා දිලා තියෙන්නේ. ඒ නිසා තමයි එළවළු බිජඇටවල හිගයක් තියෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් රටේ අවශ්‍යතාවයෙන් එළවළු බිජඇට සියයට 20ක් පමණ තමයි නිෂ්පාදය කරන්නේ.”

“සහතික කළ එළවළුබිජ තමයි අලෙවි කරන්නේ. එමෙන්ම ගොවින් තමන් විසින්ම බිජ නිෂ්පාදනය කරගන්නවා. සහතික කල බිජ අවශ්‍ය වන්නේ මහා පරිමාන වගාවන් සදහා. ගෙවතු වගාව සදහාත් එළවළු බිජඇට මිලදි ගන්න ජනතාව යොමුවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි  නොමිලේ ලබාදෙන එළවළු බිජ ඇට ඇතමුන් සිටුවන්නේ නැහැ. ඉන් සියයට විස්සක් විසිපහක් නාස්තිවෙනවා” යැයිද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා  වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: