2023 මාර්තු 17, ප.ව. 4:29
කොළඹ නගරය ඇතුළු මෙරට ප්‍රධාන නගර හතක වායු දූෂණ තත්ත්වය සංවේදී පුද්ගලයන්ට අහිතකර ලෙස ඊයේ (16) දිනයේදී ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.
මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව දර්ශකයට (US AQI) අනුව කොළඹ නගරය ආශ්රිත වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණය (PM 2.5) ප්‍රමාණය 142 ක් දක්වා ඊයේ පෙරවරු 9.00 වන විටදී ඉහළ ගොස් තිබුණා.
වායු දූෂණ තත්වය හේතුවෙන් ඊයේ පෙරවරුවේදී කොළඹ නගරය ආශ්රිත වායුගෝලය අඳුරු ස්වභාවයක් ඉසිලූ අතර, දැඩි රෂ්මිය තත්වයක්ද පැවතුණා.
මීට අමතරව යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, පුත්තලම සහ බදුල්ල යන නගර වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණයන්ද (PM 2.5) ඊයේ දිනයේ ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවා.
ඇමරිකානු වායුගුණ තත්ත්ව දර්ශකයට ඒ ඒ නගරයේ වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණයන් ඉහළ ගොස් තිබුණේ මෙයාකාරයෙනි.
යාපනය 120, කුරුණෑගල 117, මහනුවර 103, කෑගල්ල 106, පුත්තලම 129, බදුල්ල 109
මෙලෙස වායුගෝලයේ ශුද්‍ර අංශු ප්‍රමාණය ඉහළ යෑම සෞඛ්‍යමය වශයෙන් සංවේදී පුද්ගලයන්ට බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ වැඩි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:04