hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 09, පෙ.ව. 11:58



කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) උදෑසන 09.00 සිට හදිසියේම බිද වැටීමකට ලක් වී ඇති බව එම දෙපාර්තමේන්තු නිලධාරීවරයෙකු සනාථ කළා.

මේ සමගම කටුනායක ගුවන් තොටුපළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර එය පාලනය කිරීම සදහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී අතින් (Manual System ) සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ (08) දින ද මෙයට සමගාමීව ආගමන විගමන දෙපාර්තමේන්තු කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සහ කටුනායක ගුවන් තොටුපළ පිහිටි පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ස්ථාපිත කර තිබූ පරිගණක අක්‍රිය වී බිද වැටීමට ලක් වී තිබුණා.

මේ නිසා සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි ජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා පොලීසිය කැදවීමට ද පියවර ගෙන තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය ඉක්මණින් යථා තත්වයට පත් කිරීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් බලවත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

කටුනායක – ටී.කේ.ජී.කපිල