hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 10:39



මඩකලපුව මංගලාමාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ මවගේ සොහොන් කොත ඩොසර් කොට විනාශ කොට ඇතැයි එහිමියෝ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයාගේ අනුදැනුම මත මඩකලපුව ප්‍රාදේශීය සභාව මෙම ක්‍රියාව සිදු කොට ඇති බවටයි එහිමියන් හඬා වැටෙමින් ප්‍රකාශ කළේ.

මේ සමග මඩකලපුව ජයන්තිපුර පිහිටි සිංහල ජනතාවගේ සුසාන භූමිය සම්පූර්ණයෙන් විනාශ කොට ඇති අතර උතුරු නැගෙනහිර සිංහල අයිතිය මකා දමා ශුද්ධ වූ දෙමළ ඊළමක් නිර්මාණය කිරීම මෙහි අදහස බව විශ්ලේෂකයින්ගේ අදහසයි.