hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 12, ප.ව. 7:25



අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් කාන්තාවන් දෙදෙනෙකු අද උදෑසන කළුතර බෝධීන් වහන්සේ අභියස සිට විරෝධතා පා ගමනකින් ගෝල්ෆේස් දක්වා යමින් සිටී කාන්තාවන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකු භාරයට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, විරෝධතා පා ගමන යෙදුණු කටයුතු දෙදෙනෙක් සහ ඔවුන්ගේ සහායට පැමිණි බිරිඳ පුද්ගලයින් දෙදෙනෙකු සහ තවත් කාන්තාවක බව පොලිසිය පවසයි.

සැකකරුවන්ගෙන් මේ වන ප්‍රශ්න කිරීම සිදු කරගෙන යනු ලබන බව පොලිසිය පොලීසිය පැවසුවා.

අදාල කාන්තාවන් දෙදෙනා අද උදෑසන 9:30 ට පමණ කළුතර බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් රඳවාගෙන සිටින සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ රුව ඇතුළත් පුවරු දෙකක් අතැතිව විරෝධතාව පළ කරමින් පාගමන යෙදුණු අතර, කළුතර පාලම මතදී සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු  සහිත පොලිස් නිලධාරින් දෙසීයකට ආසන්න පිරිසක් විසින් මග හරස් කරමින් ඔවුන් හරවා යවා තිබෙනවා.

පසුව එම කාන්තාවන්  දෙදෙනා ඇතුළු පිරිසක් බස්රථවලින් ගාලු පාර ඔස්සේ කොළඹ දෙසට පැමිණ කළුතර උතුර ප්‍රදේශයෙන් බැස නැවත පාගමන යෙදෙන ලදී. ඉන් පසුව පිළිවෙලින් වාද්දුව පින්වත්ත සහ පානදුර දකුණ පොලිස් නිලධාරීන් නිළධාරීන් කණ්ඩායම් ඔවුන් හරවා යැවීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත් අතර, ඒ මොහොතේ විරෝධතා පෙළපාලියේ පැමිණි පිරිස් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයන් ඇති වුණා.

පොලිස් භාරයට ගත් කතුන් තිදෙනා ඇතුළු පස් දෙනාගෙන් මේ  වන විට ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව පානදුර පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තූ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.