2024 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:04
වර්තමාන රජයේ මංගල පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය ඇතුළු වෙනත් සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් 339,628.55 වැයකර ඇති බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම යටතේ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.
එමෙන්ම 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ උත්සව කටයුතු වෙනුවෙන් තවත් රුපියල් 72,350,00 මුදලක් ද වැය කර තිබෙන බව එහිදී අනාවරණය විය.
පාර්ලිමේන්තු මහ ලේකම කාර්යාලය ලබාදුන් තොරතුරු අනුව, පාර්ලිමේන්තු වැය ශීර්ෂය යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340.00 ක මුදලක් වැය කර ඇති අතර උත්සව කටයුතු සඳහා සිදු කළ වියදම් ගණනය කිරීමක් සිදුකර නොමැත.
එමෙන්ම වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායකගේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල් 339,628.55 ක මුදලක් වැය කර තිබෙන බව ඒ අනුව අනාවරණය වේ.
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 9:46
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:27
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:16
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:10
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26