hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2022 ජූනි 02, ප.ව. 8:55



ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර පක්ෂ අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කළ බවයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කළේ.

මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයාද චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ නිලධාරින් දෙදෙනෙක්ද එක්වුණා.