hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 03, පෙ.ව. 10:00



ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(03) විශේෂ හෙළිදරව්වකට සූදානම් වනවා.

ඒ මෙරට ආර්ථිකය විනාශ කළ හොර දේශපාලනඳයන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිදරව්ව කිරීමටයි.

රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ඊට ඇතුලත් බව වාර්තා වනවා.

රටේ මහජන ධනය මහා පරිමාණයෙන් කොල්ල කෑ දේශපාලනඥයන්ගේ, ඊට අනුබල දුන් රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ රැසක් අද දින මාධ්‍යට හෙළිදරව් කිරීමට නියමිත බව වාර්තා වනවා.

විශේෂයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඬ විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හා නොකළ වංචා දූෂණ සහිත ලියවිලි මීට අදාළ බව ද වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව අද පෙරවරු 10ට පදනම් ආයතනයේදී එම තොරතුරු හෙළිදරව් කරන බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන්නේ සිය පක්ෂයට අනුබද්ධ දූෂණ විරෝධී හඬ සංවිධානයේ නිවේදනයක් සිය නිල ෆේස්බුක් පිටුවෙහි පළ කරමිනි.

එය පහතින් දැක්වේ.

අනුර ෆයිල් තොගයක් දිගහරී




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: