hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 26, පෙ.ව. 6:15



මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධවල හිඟයක් ඇති බවත්, එම ඖෂධ ලබාදීමට කැමැති පරිත්‍යාගශීලීන් පරිත්‍යාග ඒකකයේ 0777468503 යන දුරකථන අංකයට අමතන ලෙසත් එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍යඅරුණ ජයසේකර මහතා ඉල්ලා සිටිනවා.

වැඩිහිටි හා ළමා රෝගීන් 800 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඒ මහතා පවසනවා.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මෙසේද කියා සිටියා.

“රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට ඖෂධ හිඟයි. හිඟ ඖෂධ මොනවාද කියා රෝහලේ පරිත්‍යාග ඒකකයට කතා කරලා දැනගන්න පුළුවන්. එම ඒකකය සෑම දිනකම උදේ 8.00 සිට සවස 4.00 දක්වා විවෘතයි. මේක සංවේදී තැනක්. රෝහලට උදව් කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”