hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 17, පෙ.ව. 8:59



2023 පලාත් පාලන මැතිවරනයට එක්සත් මහජන පක්ෂය ලෙස  ඉදිරි දේශපාලන වැඩපිලිවෙල පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා වන මාධ්‍ය සාකච්ඡාව කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා.

ඒ සදහා පක්ෂය නියෝජනය කරමින් චමින්ද ගුණසිංහ මහතා, අවිශ්ක විරාජ් කෝණාර මහතා, මාෂි සේනානායක මෙනවිය සහ චතුර රාජපක්ෂ මහතා සහභාගී වුණා.

එක්සත් මහජන පක්ෂයේ චමින්ද ගුණසිංහ මහතා මෙසේ සඳහන් කළා,

“අපේ පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ ටිරාන් අලස් මැතිතුමා. දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම. බලය ගන්න නම් ඡන්ද කඩා ගන්න වෙනවා. ඡන්ද කඩා ගන්න තමා අපි ඇවිල්ලා ඉන්නේ.ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් දේශපාලනයෙන් ඡන්ද ගන්න. එතකොට අපි දේශපාලනයට පැමිණීම ඇතුලේ කාගේ හරි ඡන්ද කැඩෙනවා නම් මං කියන්නේ අපි ශක්තිමත් ඔවුන් දුර්වලයි.”

එක්සත් මහජන පක්ෂයේ අපේක්ෂක අවිශ්ක විරාජ් කෝණාර මහතා මෙසේ අදහස් දැක්වුවා,

“විරෝධය කියන තැන්වල අපි හිටියා. මොකද හේතුව රටක ජනාධිපතිවරයෙක් පන්නන තත්පරේ වෙනකන් අපි ඒ විරෝධය කියන අන්තයට ගියා. ගිහිල්ලා අපි තව එතනම ඉන්න ඕනද? ඒ විවේචනයේම ඉන්න ඕනද? ඒ හැමදාම නෑ නෑ කිය කිය ඉන්න ඕනෙද? අන්න එතන තමයි අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට වැරදුනේ. මොකද හේතුව අපේ රටේ මිනිස්සු හැමදාම බැලුවේ නෑ කියන වචනේ විතරක් ජීවත් වෙන්න. අපේ මිනිස්සුන්ට අමතක වුණා. අපි පටන් ගමු. අපි දැන් වැඩක් කරමු කියන එකට අපි මිනිස්සු කම්මැලියි. ඔන්න ඔය කාරණාවත් එක්ක තවත් මේ වෙලාවෙත් නෑ. අපිට දියව්. අපිට දෙන්න. හැබැයි කාටවත් බෑ මේ වෙලාවේ ගොඩක් ඔය කතා කරන අයට. අපි දැන් පටන් ගමු කියන එක. අන්න ඒ පටන් ගමු කියන එකත් එක්කම මගේ යෝජනා ටිකත් කිව්වා. මං අරගලයට යන්න හේතු ටිකක් තිබ්බා.

ඇත්තටම මට තිබ්බ ප් රශ්නේ මේ මිනිස්සුන්ට මේ වෙලාවේ කන්න දෙයක් නැහැ. මිනිස්සු අසරණයි ඒ වගේ තැනක නෙවෙයි. මම තිබ්බේ අපේ මිනිස්සුන්ට මේ තියෙන දේවල් වලින් වැඩක් ගමු කියන එක. ඉතින් ඒ දේවල් ජනාධිපතිවරයා පැන්නීම කියන තත්පරයේදී ඇත්තටම මට ලබා ගන්න හම්බුනේ නැහැ. ජනාධිපතිවරයා පැන්නුවා. ඒක ජයග්‍රහණයක්. හැබැයි මගේ මේ ඉල්ලීම් වලට තැනක් තියෙන ඒ වැඩක් කරන්න පුළුවන් තැනක් මට හම්බුනේ නැහැ. ඉතින් ඔය දේවලුත් ඉන්නකොට මට පක්ෂය හම්බෙනවා. මේ පක්ෂය මාර නිදහස්. අන්න ඒ කාරණාවත් එක්ක මගේ ඉල්ලීම් ටිකට හොඳ දෝතැන්නක් වුණා. මේ පක්ෂය. අන්න ඒ හින්දා මේ පක්ෂය මම තෝරගන්නවා මගේ මේ දේශපාලන වැඩකටයුතු ටික පටන් ගන්න. මේ කාරණාත් එක්ක ඉස්සරහට වැඩකටයුතු කරගෙන යන්න. මහරගම නගර සභාව වෙනුවෙන් මම ඡන්දේ ඉල්ලනවා. මොකද හේතුව මේකට ආරම්භයක් ගන්න ඕනේ.”