hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 17, ප.ව. 6:00



පසුගිය 2003 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකළේයැයි සදහන් කරමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවරා තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය, තිලංග සුමතිපාල මහතා වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස අර්ජුන රණතුංග මහතාට අද (17) නියෝග කළා.

ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරකට තිලංග සුමතිපාල මහතා සුදුසු පුද්ගලයකු නොවන සදහන් කරමින් අපහාස සහ අභූත චෝදනා ඇතුළත් ප්‍රකාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.

අදාළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාල මහතාට විශාල අගතියක් සහ අපහාසයක් සිදුවී ඇති බව සදහන් කරමින් මෙම නඩු තීන්දුව අභියාචනා මහාධිකරණ විනිසුරුවන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් ‌කෙරුණා.