hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 17, ප.ව. 2:11



අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසූවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටිනා ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කිරීමට සූදානම් බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම දූත පිරිස අතරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඇතුලත් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව මේ වන විට රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිව සිටින මෙරට රනවිරුවන් සම්බන්ධව තොරතුරු රැස් කරමින් සිටිනවා. මේ වන විට හෙළිවී ඇත්තේ බොහෝ රණවිරුවන් රුසියාව වෙත යවා තිබෙන්නේ සංචාරක වීසා මඟින් බව බවයි, මෙහිදී අපට තිබෙන මූලිකම ගැටලුවක් වන්නේ කොපමණක් ශ්‍රී ලාංකිකයින් මේ ආකාරයෙන් රුසියාවට ගොස් සිටිනවාද යන්නයි. 600-800ක අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වී තිබෙනවා. ඇතැම් විට එම ප්‍රමාණය වෙනස් විය හැකියි.

කෙසේ වෙතත් රජයක් වශයෙන් රුසියාවේ සිටින මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් සම්බන්ධව ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි. මෙහිදී රුසියාවේ යුද්ධයට මැදි වී සිටින පිරිස් සම්බන්ධව දැනුම්වත් කිරීම ගැන මාධ්‍ය ආයතන වෙත විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම පිරිස් රුසියාවේ රැඳී සිටින ප්‍රදේශ පිළිබඳවත් නිශ්චිත තොරතුරු වාර්තා නොවීමත් අපට බරපතල ගැටලුවක් වී තිබෙනවා.

අපට දැන ගන්නට තිබෙන තොරතුරුවලට අනුව ජාවාරම්කරුවන් මේ පිරිස් රුසියාවට ගෙන්වා ගෙන තිබෙනවා ‘‘රුසියානු පුරවැසිභාවය ලබාදීම’’ වැනි බොරු පොරොන්දු ඇතුළත් ප්‍රචාර හරහායි. මුළුමනින්ම මෙය මිනිස් ජාවාරමක්. මේ ජාවාරමට මෙරට ඉහළ හමුදා නිලධාරීන් සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වෙනවා. පළමුව සිදුකළ යුතුව ඇත්ත යතාර්ථය පෙන්වා දී තවදුරටත් රුසියාව වෙත පිරිස් යැවීම නැවැත්වීමයි. ඉන් පසු එහි ගොස් සිටින පිරිස් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර, යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් රජයක් වශයෙන් අප උපරිම උත්සාහ කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: