hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 13, ප.ව. 5:39



ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිස අඩු කිරීමට තීරණය කර ඇතිබව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

එහිදී 2030 වන විට ලක්‍ෂයක පිරිසක් ලෙස පවත්වාගෙන යාමටයි තීරණය කර ඇත්තේ.

මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783 ක් වුවද 2024 වන විට මුළු ඇස්තමේන්තු ගත සංඛ්‍යාව 135,000 ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගෙන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ තීරණය ගෙන ඇති බවයි ආරක්‍ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ උපායාමාර්ගික සැලැස්මෙහි සමස්ත අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවලට සමගාමීව ඕනෑම ආරක්‍ෂක අභියෝගයකට මුහුණ දිම සඳහා 2030 වසර වන විට උපායමාර්ගික සහ තාක්‍ෂණික සුදුසුකම්ලත් සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීමටත් මෙහි අරමුණ වන බව ආරක්‍ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.