hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 05, ප.ව. 2:29



කුරුණෑගල යක්ගහපිටිය IOC ඉන්ධන පිරවුම් හලේ ඇති වු නොසන්සුන්තාවක් අතරතුර පිරවුම්හලේ සිටි පුද්ගලයකුගේ බඩට එහි සිටි නිල ඇදුමෙන් සැරසුන හමුදා නිලධාරියකු පා පහර එල්ල කරන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වුණා.

සිදු වූ ගැටුමක් අතරතුර එම ගැටුම මැදට එකවර පැමිණි ලුතිනන් කර්නල්වරයා එහි සිටි පුද්ගලයාගේ උදරය ප‍්‍රදේශයට පා පහර එල්ල කරන අයුරු සමාජ මාධ්‍ය වල ප‍්‍රචාරය වන වීඩියෝ පටයේ සටහන් වී තිබෙනවා.

මෙම නිලධාරියාගෙන් කි‍්‍රයා කලාපයට එහි සිටි පිරිස විරෝධය දක්වන අයුරුද එම වීඩියෝ පටයේ සඳහන් වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිලන්ත පේ‍්‍රමරත්න මහතා පැවසුවේ මෙම සිද්ධියේ දී හමුදා නිලධාරියාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් ආයතන මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය වු ස්ථානයේ පිිරිස හමුදා නිලධාරීන්ට පරුෂ චනයෙන් බැන වැදී පහර දීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවද හමුදා ප‍්‍රකාශකවරයා කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් ලුතිනල් කර්නල්වරයා මෙසේ සඳහන් කළා,

“වහලා තිබුණු ෂෙඩ් එකක් ජනතාව වෙනුවෙන් විවෘත කරලා පිළිවෙලකට තෙල් දුන්නා. තෙල් දීලා ඉවර වුණාට පස්සේ පුද්ගලයෙක් මගේ කොල්ලන්ට බැනලා තිබුණා. මම ගැහුවේ වදින්න නෙමෙයි. ඉතා හොඳින් පෙට්රල් ෂෙඩ් 115ක් මම කළමනාකරණය කරමින් ඉන්නවා. සිස්ටම් එක අවුල් කරන්නත් සමහරුන්ට වුවමනාවක් තියෙනවා. කොහොම වුණත් අපිත් තවදුරටත් මේ තත්ත්වය හොඳින් කළමනාකරණය කර ගනිමින් ජනතාව වෙනුවෙන් සේවය කරනවා.”