hit counter

2026 ජූලි මස 22 වන බදාදා

2026 ජූනි 10, පෙ.ව. 12:20



ඉන්ධන පටවාගත් නැව් දෙකක් හෙට සහ අනිද්දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ. ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙතිකුමාර මහතා අදාළ තොරතුරු මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.

එයට අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ටොන් 7,000 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ටොන් 29,000 ක් රැගෙන ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අද (10) කොළඹ වරායට පැමිණෙනු ඇත.

එසේම, ඩීසල් ටොන් 29,000 ක් සමඟ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනිද්දා (11) කොළඹ වරායට පැමිණෙනු ඇත.

මේ අතර, කොළඹ වරායේ ඉන්ධන ටැංකියකින් ඩීසල් මෙට්‍රික් ටොන් 32,000 ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 7,200 ක් මේ වන විට ගොඩබෑම සිදුවෙමින් පවතින බව නිවේදනය කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: