hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 10, ප.ව. 12:02



ආශාවරී සංගීත කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යංශයට ප්‍රශ්නයක් නැතැයි සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මැදිරිගිරියේ දරුවන්ගේ සංගීත කණ්ඩායමක් වන ආශාවරී කණ්ඩායම ලෝක ළමා දිනයේ දී විහාර මහා දේවී උද්‍යානයේ සංගීතය සපයන අයුරු තමා දුටු බවත් ඒ දරුවන් සංගීතය සපයන්නේ දරුවන්ට උචිත අයුරින් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ළමා රක්ෂණ අධිකාරිය බාර ඇමතිවරිය ද මීට කලින් මේ සඳහා පිළිතුරක් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: