2023 නොවැම්‍බර් 22, ප.ව. 12:29
අනුරාධපුර නගර සභා පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රය කඩා මුදල් කොල්ලකෑමට දැරූ පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙම ATM යන්ත්‍රය කොල්ලකෑමට පැමිණි සොරා එම ATM යන්ත්‍රයට හානිකරන අයුරු එම මොහොතේ අනිත් පස කුටියෙන් මුදල් ලබාගත් පුද්ගලයා සහ ජංගම සංචාරයේ නිරතව සිටි එම බැංකුවේ ආරක්ෂක නිලධාරින් විසින් දැක ඇති අතර, ඔවුන් විසින් පොලිසියට දැනුම් දි තිබෙනවා.
මෙම ATM යන්ත්‍රයේ තිබූ සියලු මුදල් සුරක්ෂිතව තිබූ බව එම බැංකුවේ ප්‍රකාශකයකු පැවසූ අතර, ශාඛාවන් සහ ATM යන්ත්‍ර නිරික්ෂණය කිරීමට බැංකුව විසින් දිනපතා ජංගම මුර සංචාරක රථ යොදවා තිබිම සහ බැංකුවේ ආරක්ෂක අංශවල විචක්ෂණ භාවය හේතුවෙන් මෙම සොරකම හසුකර ගත් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17