hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 27, ප.ව. 12:19



අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවිමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

අවුකන ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ(26) දිනයේ සංසරණය වුණා.

මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිමාකමක් සහිත ප්‍රතිමාවක ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබීය හැකි වරදක් බවයි.