hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 03, පෙ.ව. 11:44



මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී තියුණු ආයුධ සහිතව අත්පත්‍රිකා බෙදමින් ආවා කල්ලිය ප්‍රචාරය කොට ජනතාව භීතියට පතකරන ලද ආවා කල්ලි ප්‍රභල සාමාජිකයින් 05 දෙනෙකු ඊයේ (02) දින අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ආවා කල්ලිය විසින් අත්පත්‍රිකා බෙදමින් සාමාන්‍ය ජනතාව බියකිරීමක් පිළිබඳව පොලීසියට ලැබුනු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් 05 දෙනෙකු නිවෙස්වල සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු වී තිබෙනවා.

එමෙන්ම අදාල සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නිවෙස්තුල සඟවා තිබූ තියුණු කඩු 03, කෙටේරියක් , යකඩ මුගුරක්, යතුරුපැදි 02 ක් හා ජංගම දුරකතන කිහිපයක් හමු වී ඇති අතර පසුව ජංගම දුරකතන පරික්ෂා කර බැලීමේදී අදාල සැකකරුවන් විසින් මීට පෙර සිදු කොට ඇති සමාජ විරෝධී ක්‍රියාවන්, ආවා කල්ලියේ නායක විනෝදන් නැමත්තා සමග ගත් ඡායාරූප ඇතුලු අසභ්‍ය දර්ශනද හමු වී තිබෙනවා..

එමෙන්ම ආවා කල්ලි සාමාජිකයින් විසින් අත්පත්‍රිකා බෙදීම පිළිබඳවද ජංගම දුරතනවල සඳහන් වී තිබී ඇති අතර එම අත්පත්‍රිකාවල සඳහන්ව ඇත්තේ 001 වන මෙහෙයුම තුලින් වැරදි කරන අයට මහපාරේ දඩුවම් දීමට අපි පැමිණියා යනුවෙනුයි.