2026 ජනවාරි 05, ප.ව. 2:12
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ඔහු මෙලෙස පැමිණි ඇත්තේ, තමන්ට අයත් ඉඩමක් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් වංචා සහගත ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහාය.
අසාද් සාලි සඳහන් කළේ, රවී කරුණානායක අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ තමන්ගේ රුපියල් මිලියන 150 ක් වටිනා ඉඩම, රුපියල් මිලියන 15 ක් පමණක් ලබාදී වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවය. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
2026 සැප්තැම්බර් 03, ප.ව. 1:04
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23