hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 09, ප.ව. 6:27



තලවකැලේ හින්දු කෝවිල අසල ගාල් කර තිබූ ත්‍රිරෝද රථයක් තුල බිලිදියක් අතහැර දමාගොස් තිබියදි ඊයේ (08) අලුයම 5.45ට පමණ සොයා ගෙන එම බිලිදිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාර දුන් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසුවා.

ත්‍රිරෝද රථය දිනපතා කෝවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරිමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුල කුඩා දරුවෙකු හඩන ශබ්දය ඇසි ඒ පිලිබදව සොයා බැලිමේදි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක ඒ පිලිබදව තලවකැලේ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

දින 12-14 පමණ වයසැති බිලිදිය මනා ශරිර සෞඛ්‍යයකින් සිටින බවත්, එම බිලිදියට තලවකැලේ පොලිස් නිලධාරිනියෙකුගෙන් මව් කිරි ලබා දි එම බිලිදිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ත්‍රිරෝද රථය තුල බිලිදිය දමා ගිය අය පිලිබදව ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තලවකැලේ පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ලිදුල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කල බිලිදිය වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.