hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 20, පෙ.ව. 10:13



තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් සිය නිවසේ නාන කාමරය තුළදී දරුවෙකු ප්‍රසූත කර ඇතැයි තිස්සමහාරාම පොලීසිය පවසනවා.

නාන කාමරයෙන් බිළිඳෙකු හඬන හඬක් ඇසී මව නාන කාමරය විවෘත කර බලා ඇති අතර එම අවස්ථාවේ සිය දියණිය දරුවකු ප්‍රසූත කර ඇති බව මව දැක ඇතැයි ද පොලීසිය සඳහන් කළා.

දියණිය විසින්ම පෙකිනිවැල කපා ගැනීම නිසා රුධිර වහනය වෙමින් තිබෙන අයුරු දුටු මව වහා ක්‍රියාත්මක වී දැරිය සිය බිළිඳා ද සමඟ රෝහල් ගත කර තිබෙනවා.

දියණිය දරුවකු ප්‍රසූත කිරීමට සිටින බවක් තමන් නොදැන සිටියේ යැයි එම සිසුවියගේ මව පවසන බව තිස්සමහාරාම පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළා.

සිසුවිය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පොලීසියට සහ වෛද්‍යවරුන්ට වරින් වර එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබා දී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබෙනවා.

සිසුවිය අසල්වැසි නිවසක පදිංචි යුද හමුදාවේ විවාහක සෙබළකු සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු ඔස්සේ පොලිසිය විමර්ශන පවත්වයි.

දියණිය සහ ඇය බිහි කළ බිළිඳා භාර ගැනීමට ඇගේ මවුපියන් අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද පොලීසිය සඳහන් කරනවා.

සිසුවිය ගැබිණියක් කල පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට තිස්සමහාරාම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.