hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2023 පෙබරවාරි 05, ප.ව. 2:59



75 වන නිදහස් දිනයදා දින දෙකක් වයසැති බිළිඳියක් ත්‍රිකුණාමලය සර්ධාපුර මාර්ගයේ දමා ගොස් තිබියදී ගම්වැසියන් විසින් සොයාගෙන තිබෙනවා.

බිළිඳියගේ හීන් කෙඳිරි හඬ හේතුවෙන් ගම්වැසියන් සෝදිසි කර බැලීමේ දී දරුවා සොයාගෙන තිබෙනවා.

පසුව බිළිඳාව පොලීසියට භාර දී ඇති අතර, මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.

බිළිඳියගේ ඇඳුම් සියල්ල ඉවත්කර අධික වර්ෂාව පවතින මොහොතක මාර්ගයේ දමා ගොස් සිට ඇතැයි ද අනාවරණය වී තිබෙනවා.