2023 දෙසැම්‍බර් 09, ප.ව. 4:21
කාසල් වීදියේ කාන්තා රෝහලට ඉන්කියුබේටර් ( Incubator) යන්ත්‍ර අවශ්‍ය වී ඇති බැවින් පරිත්‍යාගශීලීන් වෙතොත් වහාම ඉදිරිපත් වන්නැයි රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරනවා.
රාගම ප්‍රදේශයේ මවක් පසුගිය ඔක්තෝම්බර් 17 වෙනිදා අඩුමාසයෙන් බිහිකල දරුවන් සය දෙනා වෙනුවෙන් කාසල් රෝහල තුළ ඉන්කියුබේටර් 5ක් වෙන් කෙරුණ අතර අනෙක් දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉන්කියුබේටර් යන්ත්‍රය ලබා දිමට සිදුවිය.
මෙසේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවා ඉපදුණු දිනට පසුවදා මිය ගිය නමුත් කාසල් කාන්තා රෝහලේ සිටි දරුවන් 5ස් දෙනා නිරෝගීව තමවත් රෝහලේ ඉන්කියුබේටර් තුළ රදවා සිටිනවා.
කාසල් රෝහලේ ඉන්කියුබේටර් වල රඳවා තිබනෙ මෙම දරුවන් 5 දෙනා තවත් මාස දෙකක පමණ කාලයක් රඳවා තැබිමට සිදුව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ.
කෙසේ නමුත් මෙම දරුවන් පස්දෙනා වෙනුවෙන් ඉන්කියුබේටර් 5ක්ම මාස දෙකක කාලයක සිට වෙන්කර ඇති බැවින් අඩු මාසෙන් උපදින වෙනත් දරුවන්ට ඉන්කියුබේටර් ලබාදිමට නොහැකි වන තත්ත්වයක් තුළ එම දරුවන් ඉන්කියුබේටර් තිබෙන රෝහල්වෙත මාරුකර හැරීමට සිදුව ඇතැයි ද ඔහු පවසනවා.
මෙම තත්ත්වය ළදරුවන්ගේ ජිවිතවලට එතරම් සුභදායක තත්ත්වයක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13