hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 6:30



රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50 කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවා.

ඒ රද්දොළුගම ඒ මහතාගේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැදවමින්.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ බේකරි නිෂ්පාදනය සදහා අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වු පිටි, සීනි, මාගරින් හා බිත්තර මිල විශාල වශයෙන් වැඩි වී ඇති නිසා එම වාසිය බේකරි හිමියන්ට ලබා දෙන්නේ නම් අද ජනතාවට දරාගත නොහැකි ලෙස මිල ඉහළ ගොස් ඇති පාන් මිල අඩු කල හැකි බවයි.

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වෙළඳ පොළ තුළ බේකරි නිශ්පාදන අමුද්‍රව්‍ය මිල මෙරට වෙළද පොලෙහි විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසූ ජයවර්ධන මහතා පාන්පිටි මාෆියාවක්ද රට තුළ ක්‍රියාත්මක බව සදහන් කළා.

රුපියල් 200 කට ලබා දිය හැකි පාන්පිටි සදහා මාෆියාව හේතුවෙන් රුපියල්280 කට බේකරි හිමියන්ට ලබා ගැනීමට සිදුව ඇතැයි ද සදහන් කළා.

එසේම බිත්තර වල මිලද ඉතා අසාධාරණ ලෙස වැඩි වී ඇති බවත්, බිත්තර වලට රජය පාලන මිලක් පැනවුවද අද වනතුරුත් පාලන මිලට බිත්තර වෙළඳ පොළෙහි නැති බවද ඔහු පැවසුවා.

රජය හා බලධාරීන් ගේ සහය ලැබේ නම් රුපියල් 190 වැනි අධික මිලක් ඇති ගරෑම් 400ක පාන් රාත්තල රුපියල් 50කින්ද රුපියල් 100 වැනි මිලකට අලෙවි වන බනිස් ගෙඩියක් රුපියල් 25 කින්ද එසේම අනෙකුත් බේකරි නිශ්පාදන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ද අඩු කල හැකි බව ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.

රජය මැදිහත් වී මෙම ගැටළුවට සහයක් ලබා නොදුන්නොත් බිස්කට් කන්න එපා යැයි රටේ ජනමතයක් හැදුනා සේ බේකරි නිෂ්පාදන මිලදී ගන්න එපා යැයි රටතුළ ජනමතයක් ඇති විය හැකි බවද ඒ මහතා අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: