hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 ජනවාරි 30, ප.ව. 8:10



විදුලි බිල වැඩි කිරීමක් සිදුකළහොත් අනිවාර්යයෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ බේකරිවල විදුලි බිල දැනටත් තිබුණු මිලට වඩා දෙගුණ වී ඇති බවයි.

නැවත විදුලි බිල වැඩි කළහොත් බේකරි කර්මාන්තකරුවන්ට කිසිසේත්ම දරාගත නොහැකි වන බවද ඔහු පෙන්වා දෙනවා.

බේකරි කර්මාන්තයට අවශ්‍ය පාන් පිටි, බිත්තර, සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත්, ඉන්ධන සහ විදුලි බිල වැඩිවීමත් හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳවැටීමකට ලක් වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරනවා.