hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 04, පෙ.ව. 2:20



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව මෙරට තිරසර සංවර්ධනයට සහ දේශගුණික විපර්යාසවලට අදාළ ගිවිසුම් කිහිපයක් අස්සන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් ලබන 06 වන දා මෙරටට පැමිණීමට නියමිතයි.

දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපතිවරයා හා ප්‍රධානියා වශයෙන් බෑන් කී මූන් මෙරටදී ගිවිසුම් අස්සන් කරනු ලබන බව ජනාධිපති කාර්යාලය පවසනවා.

මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමටත් නියමිත බවත්, එම ගිවිසුම් අනුව දෙරට සමඟ එක්ව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එම කාර්යාලය සඳහන් කළා.

මෙරටට පැමිණෙන බෑන් කී මූන් ලබන 07 වනදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කිරීමටද සැලසුම් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ලෙස ඔහු කිහිපවරක් මෙරටට පැමිණ තිබෙනවා.