hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 16, ප.ව. 12:15



රාජ්‍ය ඇමතිවරයෙක් කටුනායක ගුවන් තොටුපළේ කලහකාරී ලෙස හැසිරී එහි සේවකයෙකුගේ කණට ගසා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද බැණ තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.

මෙම රාජ්‍ය ඇමතිවරයා තම බිරිඳ ඇතුළු කිහිපදෙනෙකු විදෙස්ගත වීම සඳහා ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආරක්ෂකයන් ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන් තොටුපලට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එම සිදුවීම සිදුව ඇත.

එම ආරක්ෂකයන් ගිනි අවි සහිතව ගුවන්තොටුපළට ඇතුළු වීමට යාමේදී ඊට ඉඩ නොදීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගැනීමත් සමඟ මෙම කලහකාරී තත්ත්වය ආරම්භ වී ඇත.