hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 23, පෙ.ව. 3:15



කොළඹ ජාතික රෝහලේ සේවකයින් පිරිසක් එම රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කාර්යාල අඩස්සියේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මරදාන පොලිසිය ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා.

එම රෝහලේ සේවකයින් පිරිසක් පැය 5 කට ආසන්න කාලයක් ඒ මහතා කාර්යාලයේ සිරකරගෙන සිටීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය විමර්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් ඉදිරියේදී තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් පොලිස් ආරංචි මාර්ග පැවසුවා.

මෙම සිද්ධියත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයට මාරු කළ රුක්‍ෂාන් බෙල්ලන මහතා එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරට පත්කිරීමේ යෝජනාවක් ද ඇති බව වාර්තා වනවා.

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතා කර රාජකාරියේ යෙදෙන බවට කළ හෙළිදරව්වට විරෝධය පළ කරමින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්‍ෂාන් බෙල්ලන මහතාගේ නිල කාමරය වටකරගත් සුළු සේවකයන් තුන්සියයක් පමණ පසුගිය 19 වැනිදා විරෝධතාවක නිරත වීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත වුණා.

බෙල්ලන මහතාට සිය නිල කාමරයෙන් පිටතට යෑමට ඉඩ නොදී පැය හතරක් පමණ තිස්සේ එහි සිරකර තබාගැනීමට ජාතික රෝහලේ සුළු සේවකයින් පිරිසක් කටයුතු කර තිබුණා.

පසුව විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යටතේ රෝහලින් එළියට ගත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව මරදාන පොලිසිය වෙත රැගෙන ගොස් තිබුණා.

පැය 4ක පමණ කාලයක් ඔහු කාමරයේ හිරකරගෙන සිටි අතර ඔහු සවස පහට පමණ පොලිසිය විසින් ඔහු මුදාගෙන රැගෙන ගොස් තිබුණා.