hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 28, ප.ව. 12:29



වැඩි කරන විදුලි බිල ගෙවිය නොහැකි ජනතාවගේ නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමේ රාජකාරිවලින් වැළකීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් තීන්දුවක් ගත් බව ලංවිම වෘත්තීය ඒකාබද්ධ සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවා.

කබලෙන් ළිපට ඇද වැටී සිටින ජනතාවට තවත් විදුලි බිල වැඩි කිරීම කිසිසේත් ම සාධාරණ නොවන බව ඔහු චෝදනා කළා.

ඔහු අවධාරණය කළේ, මෙම ජනවාරි 3 සිට වැඩි කිරීමට නියමිත යැයි කියන විදුලි බිල අනුව ජනතාවට කිසිසේත් ම එය ගෙවා ගත නොහැකි වන අතර යම් හෙයකින් එම නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමට තීන්දු කළහොත් ඒ අනුව එම රාජකාරිය කිරීමට ලංවිම කිසිදු සේවකයෙකු අත නොගහන බවයි.

විදුලි බිල වැඩි කිරීමේදී ඒකක අනුව යම් යම් කණ්ඩායම් සඳහා සහන දෙන බවට ඇමති කංචන විජේසේකර කරන ප්‍රකාශය කිසිසේත් ම ප්‍රායෝගික නැති බවත් විදුලි ක්ෂේත්‍රයට උදා කර ඇති තත්ත්වය සමග එසේ සහන දිය නොහැකි බවත් රංජන් ජයලාල් මහතා සඳහන් කළා.