hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 25, ප.ව. 5:14



වෙළෙඳපොළේ ඇති තිරිඟු පිටි පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද(25) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

තිරිගු පිටි වල පවතින ප්‍රමිතිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් කළ බවයි හෙතෙම සඳහන් කළේ.

අනතුරුව තිරිඟු පිටි සාම්පල මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ද අසේල සම්පත් මහතා කටයුතු කරනු ලැබුවා.

එහිදී පණුවන් සහ ගුල්ලන් සහිත පරිභෝජනයට නුසුදුසු පාන් පිටි සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි රජයෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා

මෙම අවස්ථාව සඳහා ආපනශාලා හිමියන්ගේ සංගමය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සිටියා.