hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:55



යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් මිලට ගත් පාන්ගෙඩියක් තුල යකඩ ඇණ 03 ක් තිබී ඊයේ (27) සවස හමු වූ බවට පාරිභොගිකයෙකු විසින් යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

අදාළ පාරිභෝගිකයා විසින් අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකින් අදාල පාන්ගෙඩිය මිලට ගෙන නිවසට ගොස් දරුවන්ට ආහාර ගැනීම සඳහා ලබාදී ඇති අතර එහිදී දරුවන් පාන් ගෙඩිය කඩන අවස්ථාවේදී එහි තුල තිබී යකඩ ඇණයක් මතු වී දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.

අනතුරුව දෙමාපියන් විසින් පාන්ගෙඩිය තවදුරටත් පරික්ෂා කිරීමේදී එහි තුල තිබී යකඩ ඇණ 03ක් හමුවීමෙන් පසුව පාරිභෝගික මහතා විසින් අදාල වෙළඳසැලටද දැනුම්දී පසුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයටද පැමිණිළි කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුව අදාල පැමිණිල්ලට අනුව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් අදාල වෙළඳසැලට පාන් ලබාදෙන බේකරි නිශ්පාදකයාටද දැනුම් දී මේ වන විට පරික්ෂණයක් අරඹා ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවටයි දැනුම් දී ඇත්තේ.