hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 03, පෙ.ව. 8:09



අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා තිබෙනවා. රුපියල් 420 ක් ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල පහළ දැමුවේ රුපියල් 15 කින්. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක්.

එසේ ම භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 10කින් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

රුපියල් 365 ක් ව පැවති ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 355 ක් වනු ඇති.

ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 405ක් දක්වා පහළ යන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 355ක් දක්වා පහළ යනු ඇති.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව තමන් ද ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහත දැමූ බව ලංකා අයි.ඕ.සී සමාගම නිවේදනය කළා.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ, ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල 4% කින් අඩු විය යුතු බවයි.