hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 05, පෙ.ව. 7:46



දේශපාලඥයන් විසින් පාසල්වලට ලබාදුන් බස්රථ සහ ත්‍රිරෝද රථ නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් දෙමවුපියන්ගෙන් අය කිරීමට සිදුවීම හේතුවෙන් පාසල්වල විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවකට ලක් වී ඇති බව විදුහල්පතිවරුන් සඳහන් කරණ බවත් පුවත්පතක් වාර්තා කරනවා.

මෙම බස් රථ සඳහා ටයර් සර්විස් ආදායම් බලපත්‍ර මෙන්ම රක්ෂණ ගාස්තු සඳහා වසරකට ලක්ෂ දෙකක් ඉක්ම වන අතර එම මුදල සොයා ගැනීමට දරුවන්ගෙන් අයකරන පහසුකම් ගාස්තු ඉහළ නැංවීමට සිදුව ඇති බවද එහි සඳහන්.

මේ වනවිට පොතපත පවා ගැනීමට දෙමවුපියන්ට අසීරු වී ඇති අවස්ථාවක එම මුදල් අයකර ගැනීම ඉතා ගැටලුවක් වී ඇතැයි ද විදුහල්පතිවරු සඳහන් කරන බව එහි වාර්තා වෙනවා.

එලෙස ලබා දුන් බස්රථ අධ්‍යාපන කටයුතුවලට අමතරව දේශපාලනඥයින් ගේ රැස්වීම් සඳහා සෙනඟ ඇදීමට ද යොදාගෙන ඇතැයි ද දේශපාලකයන් ලබාදුන් බස්රථ හේතුවෙන් එලෙස ඉල්ලීම් කරන අවස්ථාවන්වලදී බස් රථ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ගැටලු සහගත බවද වාර්තා වෙනවා.