hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 5:25



අනතුරුදායක ලෙස මාර්ගවල ගම්න්කිරීමත් සමග රටේම අවධානය යොමුවූ බස් රථ 58ක් පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර මුදාහැර තිබෙනවා.

ජනතාව විසින් සිදුකර තිබූ පැමිණිලිවලට අනුව එම බස් රථ සමග ඒවායේ හිමිකරුවන් මෙලෙස අද පිටකොටුව ප්‍රදේශයට කැඳවා තිබුණා.

මෙම බස් රථ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වඩා කතාබහට ලක්වන දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථද තිබී ඇත.

එහිදී බස් රථවල ඇති සියලු නීතිවිරෝධී කොටස් ඉවත්කිරීමට රථවාහන පොලීසිය විසින් ඒවායේ හිමිකරුවන් සහ රියදුරන් වෙත අවවාද කර ඇත.

මෙහිදී ඇතැම් බස් රථවල ඇතුළත සමාජ ශාලා ලෙස සකස් කර තිබූ අයුරු දැකගත හැකිවූ අතර ඇතැම් බස්රථවල සාද පැවැත්වීම සඳහා වෙනම කොටසක් සකස්කර තිබී ඇත.

මේ අතර පොලිස් රථවාහන කොට්ඨාශය පවසන්නේ නීතිව්රෝධී ලෙස බස් රථ සකස් කර ඇති සහ දැඩි අනතුරුදායක ලෙස මාර්ගයේ බස් ධාවනය කරන්නන් හට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: