2026 අගෝස්තු 25, පෙ.ව. 9:14
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට රැගෙනවිත් තිබේ.
අද (25) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේය.
පසුගියදා ඩුබාහි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ නැමැත්තාට මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී තිබේ.
කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර ඇති බව වාර්තා වේ.
දිවයිනට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් රතු නිවේදනය බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ලබා ගෙන ඇති අතර, මොහු මිනී මැරීමේ වරදට අධිකරණයේ පෙනී නොසිටීමේ වරද යටතේ කොළඹ මහාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.
මේ අතර, 2021.09.20 දින නෙලුන්තුඩුව පදිංචි පුද්ගලයෙකුටග් නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ද විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
2022.10.16 දින පුද්ගලයින් තිදෙනෙකු කපා බරපතලළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් බස් ලලිත්ට එරෙහිව නිකුත් කර තිබේ.
2026 අගෝස්තු 25, පෙ.ව. 12:17
2026 අගෝස්තු 25, පෙ.ව. 12:14
2026 අගෝස්තු 25, පෙ.ව. 12:13
2026 අගෝස්තු 25, පෙ.ව. 12:13
2026 අගෝස්තු 25, පෙ.ව. 12:11
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26