hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 01, පෙ.ව. 9:57



පොලිස් මුලස්ථානය සඳහන් කළේ අද (01) සිට බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන යළි නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මෙම බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන වැල්ලවත්ත – සැවෝයි සිනමාශාලා අසළ සිට ගාලු පාර පිටලොටුව දක්වා පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා ක්‍රියාත්මකයි.

එසේම මරදාන පාර, බොරැල්ල මංසන්ධිය,පිටකොටුව – ඕල්කට් මාවත පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා කොළඹට වාහන ඇතුළුවීමට සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම මෙම නියමු ව්‍යාපෘතිය පස්වරු 04 සිට රාත්‍රී 07 දක්වා කොළඹින් පිටවීම සඳහා ක්‍රියාත්මක වෙනවා.

එම කාල සීමාව තුළ ශ්‍රී ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ, පාසල් වෑන් සහ බස් රථ, කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන බස් රථ අදාක මංතීරුවේ ධාවනය කළ යුතු වෙනවා.

එම කාල සීමාව තුළ අනෙකුත් වාහන සඳහා මෙම මංතීරුව වෙත ඇතුළු වීම තහනම් වෙනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: